නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, February 14, 2015

වැලන්ටයින් දිනයේ ආදර පැතුම!

මේ වැලන්ටයින් දිනයේ;
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වෙනස් වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා වියපත් වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වේවා! යන්නද?
ඔබගේ පැතුම ඔබගේ ආදරය කරන පුද්ගලයා මිය යාවා! මරණයට පත්වේවා! යන්නද?

එසේ පැතුමක් තුන්හිතකවත් නොවේ නම්;
ඔබ සැබෑවටම අවකංවම ආදරය කරන්නෙක් යැයි ඔබ සිතනවා නම්... 

ඔබගේ පැතුම; 
මතු මතුත් මට ලැබේවා... මගේම වේවා!!! යන පැතුම නේද? 
ඔබගේ ආදරය කරන පුද්ගලයා නැවත ඉපිද ඔබටම ලැබේවා! යන්නයි... එහෙම නේද?
ඉපදීම සැබෑවක් නම් යමෙක් ඉපදුනේ නම්; 
ඔබ ආදරය කරන පුද්ගලයාට වෙනස් වෙන්නට සිද්ධ වෙනවා! 
ඔබ ආදරය කරන පුද්ගලයාට වියපත් වෙන්නට සිද්ධ වෙනවා!
ඔබ ආදරය කරන පුද්ගලයාට ලෙඩ රෝග දුක් කරදර වලට ලක්වෙන්නට සිද්ධ වෙනවා! 

ඔබ ආදරය කරන පුද්ගලයාට නොයෙක් නොයෙක් මානසික අසහනයන්ට චිත්ත පීඩාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා!
ඔබ ආදරය කරන පුද්ගලයාට මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා! 

ඔබ ආදරය සංකේවත් කරන රතු රෝස මල කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් කටු දරාගෙන කටු උරුම කරගෙන සිටිනවා වගේ... 
ඔබේ පැතුම කොතරම් ලස්සන වුවත් ආශ්වාදජනක වුවත් දුක දරාගෙන දුක උරුම කරගෙන සිටිනවා නේද?
එහෙනම් ඔබ එකසිතින්ම පැතුවේ දැඩි ලෙසින් අධිඨනින් යුතුව ප්‍රාර්ථනා කෙරුවේ.... ඔබ ආදරය කරන පුද්ගලයාට වින්නැහියක්ම වේවා යන්නවත්ද?
හ්ම්!!! 

එහෙත් අවංක සැබෑ ආදරය නම්;
නැවත දුකට වෙහෙසට අසහනයට පෙලීමට ලක්වෙන මේ දුක් ඔබට නොවේවා!!! 

නැවත වියපත් වෙමින් දුර්වල වෙමින් ජරාවට පත්වීම් ඔබට නම් නොවේවා!!! 
නැවත ලෙඩ රෝග දුක් කරදර මරණය ආදිය ඔබට නම් නොවේවා!!! 
මේ සියලු දුක් කෙලවර කරන්නාවූ මාර්ගයම ඔබට පෑදේවා!!!
නිවන් සුවයෙන්ම සුවපත්වීමට ඔබට හැකිවේවා!!!

පැතුමෙන් නතර නොවී ක්‍රියාවෙන්ම, වචනයෙන්ම;
ඔබගේ සහකරුවාට සහකාරියට... පෙම්වතාට පෙම්වතියට...
සැබෑවටම ආදරය කරන කව්රුන් හෝ වේවා ඒ පුද්ගලයාට...
මේ සියලු දුකෙන් මිදීමට සැබෑම ආධාරයක් වෙන්න...
සැබෑම සහකාරියෙක් සහකරුවෙක් වෙන්න...
බණක් භාවනාවක් කරගන්නට අවස්ථාව සලසා දෙන්න...
නිවන් මාර්ගය පාදාගැනීමට... අනුගමන කිරීමට... අනුබලයක් දෙන්න... රැකුලක් වෙන්න...

අසහනයෙන් තොර පෙලීමෙන් තොර ගැටිමෙන් තොර බැඳීමෙන් තොර,
සැබෑම ආදරයේ සැබෑම මිහිර සුවය අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...
සැබෑ ආදරයේ සැඟවුණු සැබෑම මිත්‍රත්වය, සැබෑම සහෝදරත්වය,
සැබෑම රැකවරණය, සැබෑම සෙනෙහස අන්න ඒ මොහොතේ පටන්ගෙන අත්දැකගන්නට හැකිවේවි...

ප්‍රඥාවන්තව ආදරය කරන්නට සියලු පෙම්වතුනට හැකිවේවා!!!
යශෝධරාවක් සේ වන්නට භද්දාකාපිලානියක් සේ වන්නට
සියලු ස්ත්‍රී පාර්ශවයට හැකිවේවා!!!

සිදුහත් කුමරුකු සේ වන්නට පිප්ඵලී කුමාරයෙක් සේ වන්නට
සියලු පුරුෂ පාර්ශවයට හැකිවේවා!!!

1 comment:

Asanka Hettiarachchi said...

පැහැදිලිකිරීම ට බොහොම පින්.. වෙනස් ම දැක්මක්, වෙනස් ම චින්තනයක්, ඇත්තටම හිතට සහනයක් දැනෙන නියම පිළියමක්... !