නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, April 14, 2014

ප්‍රඥාවන්තව අවුරුද්ද සුභ කරගනිමු!!!

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා යන්න සැමගේම පැතුමයි. එහෙත් පැතුවාට ඉටුවන පැතුමන් ලොව නැත්තේ එය හුදෙක් මායාවක්ම පමණක් නිසාමයි. වටිනා භාණ්ඩයක් හදාගනිමියි සිතා ලී කඳක් ලබාගැනීමට කෙසෙල් කඳක් පතුරු ගැසුවාට ලැබෙන වටිනා හරයක් නැත. වෙහෙසත් කාලය නාස්තිවීමත් පමණක් අනිවාර්යෙන්ම සිද්ධ වන්නකි. අන්න ඒ වගේ නොයෙක් පැතුමන් පතමින් සතුට පැතුවාට සැනසීම පැතුවාට පැතුමෙන් ලැබිය හැක්කක් නොවෙන්නේ අපගේ නොදැනුවත්කම නිසාවෙන්මයි. 

දුක් සහිත ලෝකයක සතුට පතන්නේ තිබෙන ලෝකයක සතුටෙන් සිටීමටනේ නේද? ඒත් ඒ ලෝකය මායා ලෝකයක් නම්... සිහින ලෝකයක් නම්... මොහොතින් මොහොත නොදැනුවත්කම නිසාම ගොඩ නැගෙමින් විනාශ වෙමින් නැවත ගොඩනැගෙමින් ගලාගෙන යන අවස්ථා සමූහයක්ම පමණක්ම නම්... දුක් ලෝකයක සතුට වෙනුවට සතුටු ලෝකයක දුක වෙනුවට ලෝකය නම් යමක් වේ නම් ඒ ලෝකයත් ඒ ලෝකය එසේ හටගැනීමට හේතුවත් සොයා ඒ ලෝකය නිරෝධ කරගැනීමට ඒ ලෝකයෙන් මිදීමට එතෙර වීමට ක්‍රමය අනුගමනය කරන්නේ නම් සැබෑම සතුට සැනසීම සාමය අනිවාර්යෙන්ම ලැබෙනවා. එය මොහොතක් පාසා ලැබෙන පමණින් අත්දැකගනිමින් ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකි දෙයක්. 

ගෙවී යන සෑම මොහොතකම සාමය සතුට උතුරන්නට නම් තමන්ගේම මනස අවබෝධය කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් මේ පාර අවුරුද්දේ සෑබෑවට අල්ලාගත යුතු එකම වැඩය නම් (වැඩ ඇල්ලීමට) තමන්ගේම මනස සෙවීමේ වැඩයට බැසගැනීමයි. ඒ වෙනුවෙන් වූ සත්ධර්මයක් ඇසීමයි. ගනුදෙනුවක් කරන්නේ නම් විය යුතු සුදුසුම ගනුදෙනුව කළ්‍යාණ මිතුරු ඇසුර ලබමින් සත්ධර්මය ගනුදෙනු කරගැනීමයි... මන්ද අවුරුද්ද පුරාම වාසි ලැබෙන ලාභ ලැබෙන එකම ගනුදෙනුව සත්ධර්මය තුලින් ඒ සත්ධර්මය තෝරාගත්තාවූ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින්ම පමණයි... ආහාර අනුභවය බුදු වදනට අනුව බඩගින්නට මිස රස පිණිස, කාම ආශ්වාදයේ පොරකරන්නට, ක්‍රීඩාව පිණිස නොවන්නේමයි යන සිහියෙන් යුතුව සිදුවන්නේ නම් සියලු ආකාරයේ ආහාරයන් නිරෝධය කොට පැවැත්ම අවසාන කොට සියලු දුකෙන් මිදීමට අනිවාර්යෙන්ම හැකිවෙනවා. 

මෙන්න මේ ආකාරයේ මනස තෝරාගැනීමේ, සොයාගැනීමේ අවබෝධ කරගැනීමේ වැඩයට බැසගත්තොත් සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වීම නොපැතුවත් වෙනවාමයි. හැම මොහොතක්ම නව වසරක් වේවි...හැම දිශාවක්ම සුභ දිශාවක්ම වේවි... හැම මොහොතක්ම නැකතක්ම වේවි... මන්ද හැම මොහොතක්ම සිහියෙන් නුවණින් වීර්යෙන් යුතුව ලෝකයෙන් එතෙර වීම පිණිස සිහිනයෙන් අවදිවීම පිණිස ගත කරන මොහොතක් වන නිසාවෙනි. 

එහෙනම් ඉතින්, තිබෙන ලෝකයකින් දුක සතුට ලැබෙනවායැයි ඇති නොදැනුවත්කම් දුරුවී නොදැනුවත්කම නිසාම මොහොතක් පාසා තමන් විසින්ම මනස තුල ගොඩනඟා ගන්නා ලෝකය අවබෝධ කරගනිමින් සියලු ලෝක දුරුකරගනිමින් සියලු දුකෙන් නිදහස්ව සැබෑම සාමය සැබෑම සතුට උදාකරගැනීමට සිහියෙන් අවදිවී නිර්වාණයෙන් පිබිදෙන්නට ප්‍රඥාවන්ත සෑබෑම මිනිසුන් වන ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවා!!! සැබෑම සුභ වසරක් අත්දැකගැනීමට ප්‍රඥාවන්ත ඔබ සැමටම හැකිවේවා!!!

“කිසිවෙකුටත් ඔබව ගලවාගත නොහැකියි. ඔබගේ සිත, කය, වචනය රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සංවරත්වයට පත්කරගන්නේ යම් මොහොතකද එවිට ඔබ, ඔබගේම ගැලවුම්කාරයා බවට පත්වනු ඇත!!!“





No comments: