Follow by Email

About this Blog මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියේ බ්ලොග් අඩවියයි... මෙම සත්ධර්මය කැටිකොටගත් වෙබ් අඩවිය සහ බ්ලොග් අඩවිය අතිශයින්ම සැබෑම මිනිසුන් වෙත පමණයි! - ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් කම් නැත... අදාල වන්නේ ඔබ සැබෑම මිනිසෙක්ද නැත්ද යන වග පමණි!“
"This is the blog of the "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not!"

Thursday, May 23, 2013

වෙසක් දින දම් පඬුර

ජීවිතයේ සතුට නැතිනම්, මානසික ආතතිය නම්, අසහනයෙන් නම් ඉන්නේ, දුකෙන් නම් ඉන්නේ, කම්පාවෙන් නම් ඉන්නේ, කව්රු මොන බණ කිව්වත් කිසිම ප්‍රතිකාරයක් තාමත් නැතිනම්, බණක් අහන්න තමන් අදහන ධර්මයක් ගැන හිතන්න වැඩි වේලාවක් නෑ කියලා හිතෙනවා නම්, භාවනාවක්වත් කරගන්නට බෑ කියලා හිතෙනවා නම් ඔන්න නිර්වාණ ධර්ම වෙබ් අඩවියෙන් ඔබට තවත් පුංචි තෑග්ගක් දෙන්නයි යන්නේ. සමහරවිට මේ තෑග්ග ඔබගේ සියලු මානසික දුක් පීඩා අසහනකාරී තත්වයන් මග හරවන්න තරම් ප්‍රබල වෙන්නට පුළුවන්. ඉතින් මේ තෑග්ග භාරගෙන ඔබගේ ජීවිතයෙන් පුංචි වෙලාවක් මේ දේවල් වෙනුවෙන් යොදවා බලන්නකෝ. 
ඉතින් ඔන්න මේ තෑග්ග මම සූදානම් කලේ වෙසක් දිනය නිමිති කරගෙන වුවත් ඔබට මෙය නිර්වාණ අවබෝධය පිණිස ඔබට රිසි තාක් කාලයක් භාවිතා කරන්නටත් හැකියාවක් ලැබේවි. වෙසක් දිනයේ සිල් සමාදන් වෙලා අන් අය සමග වැඩකට නැති කථා කරන්නට යෙදෙන කාලය, වටපිට බල බලා සිරි නරඹන්න යොදන කාලය මෙන්ම ඔබට භාවනාවක් කරගන්නට නොහැකිව “අනේ මට බෑනේ කියමින්“ ලත වෙන්නට යෙදෙන කාලයත් මේ වෙනුවෙන් යොදාගන්නට හැකි නම් සමහර විට වෙසක් දිනය අවසාන භාගය වන විට ඔබට බොහෝ ප්‍රයෝජන ලබාගන්නට හැකියාවක් උදාවෙන්නත් බැරි නෑ. 
ඉතින් මෙය නිවැරදිව කරගත්තොත් අවසානයේදී ඔබට ඔබගේ ගැටලු බොහෝමයකට පිළිතුරු හමුවෙලා සතුටෙන් ජීවිතය ගත කරන්නට හැකියාවක් ලැබෙන්නට බැරිත් නෑ. ඉතින් වගකීම් සහතිකයත් ඔබ අතේමයි. ඔබ හරියටම තේරුම් අරගෙන ඔබ වෙනුවෙන්ම අවංකවම මේ දේවල් කලොත් තමයි ඔබට සාර්ථක ප්‍රතිඵල උදාකරගන්නට හැකියාවක් ලැබෙන්නේ. 
හොදින් මතක තබාගන්න සෑම සටහනකම තම තමන්ට අවංක වීම වැදගත් වෙනවා. මේ දේවල් කාටවත් පෙන්වන්න නෙවේ නිසා ඔබට කිසිදු හොර බොරුවක් වංචාවක් නැතිවම තමන්ගේ ඇත්ත තත්වය සටහනක් දමාගන්නට හැකියාවක් තිබිය යුතුයි. නැතිනම් මේ කිසිවකින් ඔබට ඵලක් නැතිවේවි. ඒ නිසා එහෙම කරන්නට නොහැකියි නම් මේ දේවල් වලට නිකරුනේ කාලය නාස්ති කරන්නේ නැතිව ඔබගේ සුපුරුදු සතුට දුක සමසේ රැගත් අසහනකාරී ජීවිතය ගත කරන්නට ඔබට හැකියි. 

ඒ වගේම සුපුරුදු පරිදි ආගම් ජාති භේද කුල මල තත්ව තානාන්තර භේදයක් නැතිවම දුක අසහනයෙන් මිදෙන්නට වෙර දරන්නා වූ සැබෑම බුද්ධිමත් මිනිසුන් උදෙසා තමයි මේ සෑම දෙයක්ම ලබා දෙන්නේ. ඉතින් බුද්ධිමත්ව තම තම නැණ පමණින් විමසා බලා ඔබගේ යහපත පිණිසම යොදාගන්නට කටයුතු සිදුකරගන්න. එසේ නම් තෙරුවණේ ආශිර්වාදයත් ඔබ අදහන්නා වූ ඔබ පිළිගන්නා වූ ඔබගේ විශ්වාසයන් රැගත් සෑම ශාස්තෘන්කෙනෙකුගේමත් ආශිර්වාදය ඇතිව මේ කටයුත්ත සාර්ථකව ඉටු කරගන්නට නිසි නුවණ ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි!
පහත යොමුවෙන් බාගත කරගන්නට ඔබට හැකියි!

Wesak Dhamma Dana

Tuesday, May 14, 2013

Let's Not Depend (සතුට පිණිස යැපෙන්නෙක් නොවෙමු!)

The more you depend on outer world for your happiness the more you will suffer... So let's realize our own faults and let's try to gain true happiness to our lives! 
www.nirvanadhamma.com latest article... 


බාහිර ලෝකයෙන් සතුට පිණිස යැපෙන තාක් තමන්ට දුක් කන්දරාවකට කරගසාගැනීමට සිදුවන නොඅනුමානයි... ඒ නිසාම තමන් තුලින් සැබෑම සතුට ලංකරගන්නට උත්සාහගැනීම උදෙසා පුංචි උපකාරයක් වන්නට හැකි කරුණු පෙළක් මෙසේ ගොනු කලෙමි... 
www.nirvanadhamma.com නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ සැබෑ සතුට නිවීම පිණිස උපකාරයක් කරගන්නට හැකිවේ යැයි සිතෙන නවතම ලිපියයි මේ... නැණවත්ව සිතා බලා නිවී සැනසෙත්වා!!!